කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය අංශයේ දැඩි සත්කාර ඒකකයේ වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම අලුත්වැඩියා කිරීම ප්‍රමාදවීමේ හේතුවෙන් එහි ලියාපදිංචි හෘද රෝගීන්ගේ හදිසි සැත්කම් සිදුකිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව අවධානම් තත්ත්වයේ පසුවන රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවන බවයි රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේ.
එම ප්‍රමාදය හේතුවෙන් හෘද රෝගීන්ගේ මරණ පවා සිදුවන බවද අනාවරණයේ දැක්වෙනවා. මෙම වායු සමීකරණ දෝෂය හේතුවෙන් හදිසි හෘද සැත්කම් නවතා දැමුණු අතර එහි අලුත්වැඩියා කටයුතු මෙතෙක් ආරම්භ කර නැහැ.
ඒ අනුව රෝගීන් 4000ක් ලියාපදිංචි වී සිටින කරාපිටිය රෝහලේ හෘද සැත්කම් ප්‍රමාදවීම ජීවිත දහස් ගණනක් අවධානමකට ලක් කිරීමක්ද වනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.