ඩොලර් මිලියන 22ක් සහිත ගිණුමක් පිළිබද සිදුකළ පරීක්ෂණ පිළිබද තොරතුරු ලබාදෙන්නැයි දූෂණ විරෝධී හඩ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ ඉල්ලීමට අදාළ ලිපියයි.

මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධානි
මූල්‍ය අපරාධ කොට්ඨාශය,
චැතැම් වීදිය,
කොළඹ 01.

ගරු මහත්මයාණෙනි,
ඩොලර් මිලියන 22 ක පරීක්ෂණය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා 2016 වර්ෂයේ දෙසැම්බර් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප‍්‍රධානි රවී විද්‍යාලංකාර මහතා හොංකොං හි ඇති ජාත්‍යන්තර බැංකු ගිණුමක පවතින ඩොලර් මිලියන 22 ක මුදලක් පිළිබඳ පරීක්‍ෂනයක් සඳහා සහභාගි වී ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත.ඒ අනුව මෙම පරීක්‍ෂණයේදී තහවුරු කරගන්නා ලද තොරතුරු අනුව එවැනි විශාල මුදලක් නැවත අයකර ගැනීම සඳහා වූ අදාල මුදල් පිළිබඳ පරීක්‍ෂණයක් සිදුවූ බවට සාධක නොමැති හෙයින් මහජන මුදල් වියදම් කරමින් විදේශවල බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට සහභාගි වී, අදාල පරීක්‍ෂණ සිදුනොවන්නේ නම් එය තවදුරටත් මහජන මුදල් අවභාවිතාවක් බව ඔබතුමන් ද දන්නා බව අපගේ විශ්වාසයයි.අදාල පරීක්‍ෂණ යටයවමින් කටයුතු සිදුවන්නේ කාගේ බලපෑමක් මතද යන්න පුරවැසියන්ට දැනගැනීමේ අයිතියක් ඇත. එබැවින් එම තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනතට යටත්ව දූෂණ විරෝධි හඬ සංවිධානයේ අප විසින් මේ සමග අමුනා එවනු ලබන අයදුම්පත‍්‍රයේ තොරතුරු කඩිනමින් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.ස්තුතියි.මෙයට විශ්වාසි,
වසන්ත සමරසිංහ
කැඳවුම්කරු
දූෂණ විරෝධි හඬ
23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.