ප්‍රමිති කාර්යාංශයෙන් තත්ත්ව සහතිකය ලබා දෙන තෙක් ත්‍රීරෝද රථ සදහා මීටර් සවි කිරිමට අනිවාර්ය කරමින් නිකුත් කළ නියෝගය අත්හිටුවා තිබෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් අතර අද ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවේදී ගත් තීරණයකට අනුවයි.
මෙම සාකච්ජාවේදී අනාවරණ වූයේ මෙරටට ගෙන්වන ලද මීටර් සම්බන්ධයෙන් තවමත් ප්‍රමිති කාර්යංශය මඟින් ප්‍රමිති සහතිකයක් ලබා දී නොමැති බවයි.
නිසි ප්‍රමිතියකින් තොරව මීටර් සවිකිරීමෙන් රජය බලාපොරොත්තුවන ගුණාත්මක සේවාවක් දීමට නොහැකි නිසා මෙම මීටර් වල තත්වයපිළිබඳව ප්‍රමිති කාර්යංශය සමඟ සාකච්ඡාකොට ක්‍රමවේදයක් සකස්කිරීමෙන් අනතුරුව ත්‍රීරෝද රථ මීටර් සඳහා සහතික නිකුත්කරන තෙක් මෙම නීතිය ක්‍රියාත්මක නොකරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙහිදී කියා සිටියා.
මෙහිදි පැමිණි සිටි ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් ත්‍රිරෝද නියාමනය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර එහිදි අමාත්‍යවරයා සදහන් කළේ ප්‍රවාහනය විමධ්‍යගත විෂයක් බවයි.
එය ඒ ඒ පළාත් සභාවලින් නියාමනය විය යුතු වන අතර ඒ සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම හා ඒ සමබන්ධයෙන් සම්බන්ධිකරණය පහසුකම් සැපයීමට අමාත්‍යාංශයට හැකි බවද නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර තිබෙනවා.
මෙහිදි මගි ප්‍රවාහන ත්‍රිරෝද රථ පැදවීම සදහා රියදුරු බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් වන වයස් සීමාව පිළිබදව තමා එම ස්ථාවරයේම සිටින බවත් දැනට ත්‍රි රෝද රථ පදවන්නන් සදහා එය බල නොපාන බවත් එය ත්‍රිරෝද රථ කර්මාන්තයේ ආරක්ෂාකාරි බවටද හේතුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මගි ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා වෙනත් වර්ණයකින් සහ ගෘහස්ථ ත්‍රිරෝද රථ සදහා තවත් වර්ණයකින් යුතු අංක තහඩු ලබාදිම පිළිබදවද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.