මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සදහා විනිසුරුවරුන් තුන්දෙනෙකු පත් කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන විනිසුරුවරුන් තුන්දෙනෙකු මේ සදහා පත් කර තිබෙනවා. ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් එම මහාධිකරණ විනිසුරුවරුන් වනවා. මහා පරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය තීරණය කළා. එහි පළමු අධිකරණයේ නඩු කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.