ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය  විසින්  ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ WPKA 0642 දරන ඩිෆෙන්ඩර් රථය රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් ඇතුළත් කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතායි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය ලබාදුන්නේ.

එම ඩිෆෙන්ඩර් රථය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ අංක තුන අධිකරණයේ විභාග වන අංක බී/849/13/12 නඩුවට අදාළව නඩු භාණ්ඩයක් ලෙස ලේඛන ගත කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ ලේඛනාගාරයට නියෝග කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ මොහොමඞ් වසීම් තාජුඞීන්   පැහැරගෙන යාමට මෙම ඩිෆෙන්ඩර් රථය යොදා ගෙන ඇති බවට සාධාරණ සැකයක් පවතින බැවින් එම රථය අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.