අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට බහුතර කැමැත්ත ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙහිදී නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ දිනෙන් දිනම රටේ ආර්ථික සමාජ හා දේශපාලන තත්ත්වයන් විනාශ වී නීතිය වල් වැදෙන තත්ත්වයට පත්ව ඇති බැවින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඔහුගේ මැදිහත් වීමෙන් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනපති ‍පොළඹවා ගැනීමට වහා පියවර ගත යුතු බවයි.මෙම යෝජනාවට පක්ෂව හා විපක්ෂව අදහස් පලව ඇතත් අවසානයේදී වාසුදේව නානායක්කාර මහතාගේ මතයට බහුතර එකගතාවයක් හිමිව තිබෙනවා.

ඒ අනුව ඉදිරි දෙසතිය තුල මේ පිළිබද ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂය සාකච්ජා පැවැත්වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.