ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එම පවු‍ලේ සෙසු සාමාජිකයනුත් ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට රහස් ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අනාවරණය කර නොමැති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කරනවා.

දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර හෙළිදරව් කරන ලද තොරතුරු අනුව එවැනි කුමන්ත්‍රණයක් ඇති බවට තමන් දැන ගත් බවත් ඉන්පසුව තමන් මේ පිළිබඳ වැඩි තොරතුරු දැන ගැනීම සඳහා නාමල් සොයා වරකා‍පොල නිවසට ගිය බවත් පමණක් එම ඉන්දීය ජාතිකයා ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.මෙම ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙලෙන බවටයි ඉන්දී්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදුකළ සොයා බැලීමකදීද අනාවරණවී තිබුණේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.