පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය අද සිට ලබන 20 වන දා දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ ලබන 20 වනදා දක්වායි.

නව කැලණි පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙනුයි මෙම මාර්ගය තාවකාලිකව වසා තැබෙන්නේ.

ඒ අනුව පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ඉල්ලීමක් කරනවා.

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ වාහන සුපුරුදු පරිදි ගමන් කළ හැකි අතර මාර්ගයට ඇතුලුවීමට සහ පිටවීමට වෙනත් පිවිසුම් භාවිත කළ හැකි බව ද පොලීසිය සඳහන් කළා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.