උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් රැස් වූ අවස්ථාවේදීයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසයි.එහි ප‍්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී දැනුම් දුන්නා.

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල, සන්නද්ධ බලකායන් යටතේ පවත්නා, පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව හා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පානීය ජල ගැටලුව විසඳීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.