දරුවකු උපත ලබා දින 3ක් තුල ලියාපදිංචියට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදුකළ යුතු නියමයක් වනවා.ඒ රටක සිදුවන දරු උපත් නිසි ආකාරයෙන් ලේඛන තුල සදහන් විය යුතුවීම හේතුවෙනුයි.
මෙරට තුල එවන් දරු උපත් ලියාපදිංචියට අදාළ කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසිනි.
සාමාන්‍යයෙන් දරු උපතකට අදාළ ලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කළ පසු ලේඛන කඩිනමින් ලබාදීමක් සිදුවුවහොත් දින 3කින් හා ලේඛන ලබාදීමේ ප්‍රමාදයක් වුවහොත් දින 30ක් ඇතුලත නව උපතක් පිළිබද සහතිකයක් ලබා ගත හැකි වන බවයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
එසේම උප්පැන්න සහතිකයක පිටපතක් විනාඩි 5කින් ලබා ගත හැකි පරිදි නිකුත් කරන රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව මේ වන විට කොලඹ නගරයේ දරු උපතක් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීමට මාස 2ක තරම් කාලයක් වැය කරන බවටයි චෝදනා එල්ලවන්නේ.
කොලඹ කිරුලපන ප්‍රදේශයේ එවන් නව දරු උපත් සහතික සදහා අයදුම්පත්ඉදිරිපත් කළ පිරිසක් පෙන්වා දෙන්නේ දින 45ක් ඉක්මවා ඇතත් අදාළ සහතික තමන් වෙත ලබාදී නොමැති බවයි.
ඊට අදාළව අයදුම්පත් භාරදුන් කිරුලපන උපත් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් කළ විමසීමකදී එම පිරිසට දැනුම්දී ඇත්තේ තවමත් ඊට අදාළ අංක ආසන්නයට හෝ සහතික නිකුත් වී නොමැති බැවින් තවත් සති 3කින් පමණ විමසා බලන ලෙසයි. ඒ අනුව අවම වශයෙන් දින 65 ක කාලයක් නව උපත් සහතිකයක් ලබා ගැනීම වෙනුවෙන් බලා සිටීමට තමන්ට සිදුව ඇති බවයි මේ හේතුවෙන් අපහසුතාවයන්ට පත්ව සිටින පිරිස් පෙන්වා නේනේ.
මීට අදාළව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියාගෙන් තොරතුරු ලබා ගැනීමට අයදුම් කිරීම සදහා ඔහුගේ සම්බන්ධ කරගත හැකි තොරතුරු ලංකා ඒ නිවුස් අප විමසා සිටියද එහිදී ප්‍රතිචාර දැක්වූ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සදහන් කළේ මේ වන විට දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියකුද නොසිටින බවයි.

ඒ අනුව අදාළ අමාත්‍යවරුන් විසින් දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර රැසක් ගෙන තිබියදීත් රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය යථාර්ථයක් කිරීමට අසමත්ව ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
ඒ අනුව මීට අදාළ සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරියේදී අනාවරණ කිරීමට ලංකා ඒ නිවුස් අප සූදානමින්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.