ඩොලර් මිලියන 22කට (රුපියල් කෝටි 35කට) අධික මුදලක් විදේශීය බැංකු ගිණුමක තැන්පත් කර ඇති මෙරට ප්‍රබලයකු පිළිබද ඉතා ඉක්මනින් රටට හෙළි කරන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා අනාවරණ කළේ බ්‍රිතාන්‍යයට අයත් කැරිබියන් දූපත් ආසන්නයේ පිහිටි සමාගමක් යටතේ පවතින එම බැංකු ගිණුම චීන සමාගම් අධ්‍යක්ෂවරයකු හා අදාළ ප්‍රබලයා විසින් පවත්වාගෙන යනු ලබන බවයි.

එම ගිණුම් හිමියා රාජපක්ෂ පවුලේ සමීපතමයකු මෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයට ගිය පුද්ගලයකු බවයි වසන්ත සමරසිංහ මහතා පවසන්නේ.

එහි දැනට ශේෂය වශයෙන් පවතින එම ඩොලර් මිලියන 22ක ගිණුම ගැන විමර්ශනය කිරීමට 2016 දෙසැම්බර් මස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා හොංකොං බලා ගිය බවත් අද වනතුරු ඊට ගත් ක්‍රියාමාර්ගයක් නොමැති බවත් ඔහු අනාවරණ කළා.

එකී බැංකු ගිණුමට අදාළ සියලු තොරතුරු හා සිදුකළ විමර්ශන කටයුතු පිළිබඳ තමා තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් කරුණු ඉල්ලූ බවද ඔහු සදහන් කරනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.