කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර ආශ්‍රිතව සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකථන 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එහිදී කාන්තා රැදවියන් සතුව තිබූ ජංගම දුරකථන 30ක් සොයාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූවන් බවයි හෙළිවන්නේ.

පිරිමි රැදවියන් සතුව තිබූ දුරකථන 10ක්ද හමුව ඇති අතර ඒවායේ සිම්පත් මගින් අදාළ තොරතුරු අනාවරණ කර ගැනීම සදහා අමාත්‍යාංශ මට්ටමින් විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගත් එම දුරකතන සහ සිම්පත් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දීමට නියමිතයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.