කොරෝනාවෙන් ලෝකය මිදෙන්න වසර 5ක් ගතවේවි / සිංගප්පූරුව කියයි

Sri Lanka

කොරෝනා වසංගතයෙන් ලෝකයට එල්ලවන බලපෑම තුරන්වී ලෝකය යථා තත්ත්වයට පත්වීම සඳහා අවම වශයෙන් 2024 හෝ 2025 දක්වා කාලය ගත වන බව සිංගප්පූරුව පවසනවා.
එරට අධ්‍යාපන අමාත්‍ය ලෝරන්ස් වොන්ග් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව එම උපකල්පනයට එළඹුණු බවයි.
ඇතැම් විට එම කාලය ඉක්මවා යන බලපෑම් ලෝකයට වසර කිහිපයක් බලපෑ හැකි බවයි සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.
එන්නත් පිළිබද නිශ්චිතව අදහස් පළ කළ නොහැකිවීම හා කොරෝනා විකෘතීන් මෙම අවිනිශ්චිත තත්ත්වයට බලපා තිබෙනවා.
යම් හෙයකින් වසංගතය ලෝකය පුරා පැතිරීම වළක්වා ගත්ත ද ප්‍රාදේශීය ,කළාප හෝ මහද්වීප වශයෙන් එය තවදුරටත් ව්‍යාප්ත විය හැකියි.
ඒ අනුව එම කලාපවලට හෝ අවම වශයෙන් සාමාන්‍ය තත්ත්වයට ළගාවීම අසීරු වන බවද ඔහු පෙන්වා දෙනවා.
ලෝකයේ එක් ස්ථානයක් හෝ එවන් අවදානමකින් යුක්ත වන විට සමස්ථ ලෝකයම අවදනමට පත්වන බවත් මෙමගින් පෙන්වා දී තිබුණා.
එබැවින් කොරෝනාවෙන් පසු එළඹෙන පශ්චාත් සමයද අපේක්ෂා කරන තරම් සහනදායක නොවන බවයි උපකල්පනය කර ඇත්තේ.
මෙම තත්ත්වයට මුහුණදීම සදහා සැප්තැම්බර් 31 වනදා වන විට සිංගප්පූරුවේ සමස්ථ ජනගහනය කොරෝනා එන්නත්කරණයට ලක් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එම එන්නතක සක්‍රීය කාලය මාස 6ක් වීම මෙහි වඩාත් අර්බුධකාරී තත්ත්වයක් ලෙසයි නම් කර ඇත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *