අම්බලන්ගොඩ කොස්ගොඩ ප්‍රදේශයේදි අද අලුයම සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා තිබුණා.
යුදපිටිය/ මැණික් ගම්මානය/ කුරුදුගම්පියස නමැති ගම්මානවලදී මෙම වෙඩි තැබීම් සිදුව තිබුණා.
එම වෙඩි තැබීම් වලදී මරුමුවට පත්වී ඇත්තේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනකු හා කුරුදුගම්පියස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම කාලය තුලම මැනික්ගම්මානය ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතත් එමගින් කිසිවකුට හානි සිදුව නැහැ.
ගිනි අවි සහිතව සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හෙල්මට් පැළද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම් සිදුකර තිබුණා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.