දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇති විය හැකි අතර උතුරු-මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වනවා.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකවඉල්ලා සිටින බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඔක්තෝබර් මස 7 වනදා සවස දක්වා මුහුදු රළ මීටර් 2.0-2.5 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින අතර සුළු වශයෙන් ගොඩබිමට පැමිණිය හැකි බව සදහන්.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2018-10-07
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 33 24 95 65 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 32 26 90 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 29 25 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 30 26 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 30 25 95 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර 30 21 95 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 20 12 95 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 32 24 95 75 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 31 25 95 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 32 24 90 80 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.