ගෙදර ගිය ට්‍රම්ප් යළිත් වැඩ අල්ලයි

ByLankaAnews

Jan 27, 2021

පළමු ධූර කාලයෙන් පසු ජනපති ධුරය හැරයාමට සිදුවූ අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලි දේශපාලන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිය නව කාර්යාලය ආරම්භ කරමින්.
එය නම් කර ඇත්තේ Office Of The Former President හෙවත් හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ලෙසයි.
ඉදිරි දේශපාලන කටයුතු හා නිවේදන නිකුත් කිරීම හා සංවිධාන මෙහෙයුම් එහි සිට සිදුකිරීමට නියමිතයි.
මේ පිළිබද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ජනතාවගේ සදාකාලික වීරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.
ඔහු ඉදිරියටත් අමෙරිකාව වෙනුවෙන් කටයුතු කරනු ඇතැයිද එම නිවේදනයේ දක්වා තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *