බැදුම්කර වංචා විමර්ෂණයට අදාළව දැනට ලැබී ඇති සාක්ෂි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහි අසත්‍ය සාක්ෂි ලබා දීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළා.

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ චෝදනා මත රවී කරුණානායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව කැදවූ අවස්ථාවේදීයි.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, රවී කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි.

රවී කරුණානායක මහතාට අයත් බව කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිමි බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සදහන් කළා.

ලබන 22 වන දා මේ පිළිබඳ විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.