පක්ෂය අතහැර වෙනත් අගුපිල්වල ලැගීමට නොයන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය අමතමින් මේ බව ප්‍රකාශ කළා.

විවිධ මති මතාන්තර, විවිධ ප්‍රවෘත්ති, සභාග ආණ්ඩු බිහිවෙනවා කියනවා. ඒකාබද්ධ ආණ්ඩු  බිහිවෙනවා කියලා සාකච්ඡා කරනවා කියනවා. මේවා දැක්කහම සමහරුන්ගේ ඔලුවත් නරක් වෙනවා. මොකක්ද මේ වෙන්නේ කියලා කවුරුත් කලබල වෙන්න එපා.මැතිවරණ වලට තවකල් තියෙනවා, ජනාධිපති පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපතිවරණය කලින් තියන්නෙ නැහැ කියලා. ඒ කාලේ වෙනකොට රටේ තියෙන දේශපාලන බලවේගය එක්වෙලා හෝ වෙන්වෙලා අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරයි. අපි එතකොට තීරණය කරමු අපි සහයෝගය දෙන්නෙ කාටද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙන අපේක්ෂකයෙකුට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකට අවශ්‍ය බලවේගයත් දැන් එකතු කරගෙන යනවා. ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදෙනකම් ඉමු. ඒ වනවිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ එළිපිටම අපි තියනවා. එහිදී අපි සහයෝගය දෙන අපේක්ෂකයා කවුද කියලා පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

මාධ්‍ය 5 ක් ගත්තොත් ප්‍රවෘත්ති 05 ක්. නිවැරිදි ප්‍රවෘත්තියක් කියන්න නම්, එකම ප්‍රවෘත්තිය මාධ්‍ය  පහේම තියෙන්න ඕන. ඒ නිසා ඔබ කවුරුත් කලබල වෙන්න එපා. ඒ කලබල වෙලා අපේ සංවිධාන ශක්තිය හා එකමුතුභාවය නැතිකරගන්න එපා. එහෙම කලබල වුනහම මිනිස්සු ගෙම්බො වගේ එහාට මෙහාට පනිනවා. ඒ නිසා එහෙම වෙන්න එපා.

සමහර අය කියනවා අපිත් එක්ක ඇවිල්ල එකතුවෙන්න කියලා. අපිට එකතු වෙන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. අපේ පක්ෂය තමයි එජාපය හැරුණහම දැනට තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂය. ඒ නිසා අපේ පක්ෂයට එකතු වෙනවා මිසක් අපි මේ පක්ෂය දාලා අගුපිල් වලට යන්න ලෑස්ති නැහැ. මෙයයි අපි ජනතාවට දියයුතු පණිවුඩය

අපේ පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති තුමා විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. අද අපි ගම්පෙරළිය වැඩ සටහන යටතේ විශාල වැඩ කොටසක් ග්‍රාමීය වශයෙන් කරමින් යනවා. ජනතා නියෝජිතයන් වශයෙන් ඒ වැඩ ඉටුකිරීම අපේ යුතුකමක්.

ඒ වගේම අපි අපේ පක්ෂයේ තරුණ පිරිස් ඉදිරියට ගේන්න කටයුතු කරන්න ඕන. අපි ඔවුන්ට අනාගතය හදලා දෙන්න ඕන. අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ ඔවුන් ගැන හිතලා. ඔවුන්ගේ දේශපාලන අනාගතය අඳුරු කරන්න අපට බැහැ. ඒ වගේම දේශපාලකයෙකුගේ මූලික පරමාර්ථය විය යුත්තේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම  නොව, තම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා කැපවීම

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.