

රටක ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයාගේ බිරිඳ හදුන්වනු ලබන්නේ එරට ෆස්ට් ලේඩි හෙවත් ප්‍රධාන කාන්තාව ලෙසයි.
එහෙත් අමෙරිකාවේ එම හැදින්වීමට අමතරව පවුලේ සුරතල් සතුන්ද රටේ එම වර්ගයේ සතුන් අතරින් ප්‍රධානියා ලෙස නම් කරනු ලබනවා.
අමෙරිකාවේ ෆස්ට් ඩෝග් හෙවත් පළමු සුනඛයා ද පසුගියදා ධවල මන්දිරයට ළගාවුණා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සුරතලා වන හූමන්ස් නම් සුනඛයා ධවල මන්දිරයේ පදිංචියට පැමිණීම සමඟයි.
එය ජාත්‍යන්තර මාධ්‍ය විසින් විශේෂ පුවතක් ලෙස වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය හැදින්වුණේ අමෙරිකාවට ප්‍රධාන සත්ත්වයකු නොමැති වූ කාලවකවානුවක් ලෙසයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476