තලේබන් කාබුල් වෙත ළංවෙයි / ආසන්න නගරය අල්ලයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හුදකලා කරමින් ආසන්නයේ පිහිටි ගස්නි නගරය තාලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගෙන තිබෙනවා.
ඒ ඇෆ්ගන් හමුදා සමඟ පැවැති දරුණු ගැටුම්වලින් පසුවයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ උප නගර 8ක් දින කිහිපයක් තුල ඇෆ්ගන් තලේබාන්වරුන් යටතට පත්ව තිබුණා.
මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ , ඇෆ්ගනිස්ථානයෙන් හමුදාව ඉවත් කර ගැනීමේ තීරණය පිළිබද කණගාටු නොවන බවයි.
අමෙරිකාවේ ඇෆ්ගන් මෙහෙයුම අල්කයිඩාවට එරෙහිව බවත් එය ඔසාබා බින් ලාඩන් ඝාතනය කර ජයගත් බවත් ඔහු පැවසුවා.
මේ අතර ජාත්‍යන්තර විශේෂඥයන් පවසන්නේ මාස 3ක් තුල කාබුල් නගරය ද තලේබාන්වරුන් විසින් අල්ලාගනු ඇති බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *