භාරත. ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු 4 දෙනකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා යටතේ මරණ දඩුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් කර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ පෙත්සම්කරුවන්ට එරෙහි මරණ දඩුවමට අදාළ නියෝගය යළිත් තහවුරු කරමිනුයි.
මාස 09 පුරා විභාගයට ගැනුණු නඩුවකින් පසු 2016 වසරේ සැප්තැම්බර් 08 වනදා දුමින්ද සිල්වා ප්‍රමුඛ විත්තිකරුවන් 5 දෙනකුට කොලඹ මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබුවා.
එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරන් පෙන්වා දී තිබුණේ මෙම අපරාධයට දුමින්ද සිල්වා මහතා නායකත්වය ලබා දී ඇතැයි තහවුරු වන බවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන 5ස් දෙනාට මරණ දඬුවම නියම කෙරුණු අතර ඊට එරෙහිවයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනුකර තිබුණේ.

මෙම අභියාචන අතරින් අනුර තුෂාර නැමැති විත්තිකරු පමණක් සියලු චෝදනාවලින් නිදොස් කොට තිබෙනවා.

මෙම අභියාචනය විභාග වෙමින් පවතින සමය තුල නඩුවට අදාළව ඇතැම් මාධ්‍ය විසින් විකෘති පුවත් පල කර තිබූ අතර මෙම තීන්දුව සමග එම ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබද සත්‍යය ජනතාවට වටහා ගත හැකි වනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.