ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය නැවත නැවතත් බෝවෙනවා / ලෝක සෞඛ්‍ය සංවිධානය

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා.

එම සංවිධානය පෙන්වාදෙන්නේ, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පවතින බවයි.

ඩෙල්ටා ව්‍යාප්තිය නිසා කොවිඩ් සාර්ථකව පාලනය කර සිටි චීනය තුළ නැවතත් වෛරසය හිස ඔසවමින් පවතින අතර ආසාදිතයන් වේගයෙන් වර්ධනය වන බවයි හෙළිකර ඇත්තේ.

එරටින් ඊයේත් ආසාදිතයින් 81 දෙනෙක් හඳුනාගත් අතර ඒ සමග එරට තවත් ප්‍රදේශ 4ක් අධි අවදානම් කලාප ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *