ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් කටයුතු කර තිබෙනවා.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේ, අද සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ, අද සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි.

මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතාද සදහන් කළේ මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇත බවයි.

එක් ත්‍රිරෝද රථ සංගමයක් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර තවත් සංගමයක් රුපියල් 10 කින් ගාස්තු ඉහළ දමා ඇත්තේ, දකුණු හා බස්නාහිර පළාත්වල පමණයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.