ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස  පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද සලකා බැලීමෙන් පසුවයි.

මෙම නඩුවේ විත්තිවාචකය ඉදිරිපත් කිරීම සඳහා වැදගත්වන ලේඛන ගණනාවක් අදාළ ආයතනවලින් ඉල්ලා තිබුණත් ඒවා මෙතෙක් නියමිත ලැබී නොමැති බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඒවා කඩිනමින් ලබාදෙන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි අද ඉල්ලීමක් කළා.

ඒ අනුව තමන් වෙත නොලැබුණු ලේඛන පිළිබඳ ලැයිස්තුවක් හෙට(16) දින තුළ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නයි විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම ලේඛන විත්තිය වෙත ලබා දීමට පියවර ගන්නැයි අදාළ ආයතන වෙත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා නොතීසි නිකුත් කරන බව දන්වා සිටියා.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයයි එහි සෙසු විත්තිකරුවන් වන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.