අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව  පසුගිය සිකුරාදා විකුණුම් මිල රු. 172.9301 ක් ලෙසින් සටහන් වී තිබූ ඩොලරය අද දැක්වුණේ  විකුණුම් මිල රු. 171.6077 ක් ලෙසයි.

පසුගියදා රු. 169.0484 ක් ලෙස දැක්වුණු ඩොලරය ගැණුම් මිල අද රු. 167.7325 ක් දක්වා අවම වී තිබුණා.

වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ලැබීමට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම මෙලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.