මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා බහුතර කොටස් අයිතිය දරනු ලබන හේලීස් පීඑල්සී විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගෙන තිබෙනවා.
ඒ අනුව ධම්මික පෙරේරා මහතාගේ වැඩි කොටස් අයිතියෙන් යුතු එම සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් සියයට 71.19% ක්ම හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
මීට පෙර එම සමාගම විසින් සිංගර් සමාගමේ  61.73% ක කොටස් හිමිකාරීත්වයක් 2017 සැප්තැම්බර් 15 දින හේලීස් පීඑල්සී විසින් මිලදී ගෙන තිබුණා.

අද දිනයේදී එම සමාගම විසින් සිංගර් සමාගමේ කොටස්වලින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 35,562,883 ක්  රුපියල් එකසිය හැට හත් කෝටියකටයි මිලදී ගෙන ඇත්තේ.හේලීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 50.44% ක අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතු වනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.