ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා අද සමත් වුණා.
ඒ අධියර දෙකකින් යුතු තරගයේ වාර්තා කළ කාලයන් අනුවයි.
තරගයේ මුල් අධියරේදී ඇය 3 වන ස්ථානයට පත්වූ අතර දෙවන අධියරේදී ඇයට හිමිවූයේ 17 වන තැනයි.
එහිදී පාරමී වසන්ති මාරිස්ටෙලාට 4 වන තැන හිමිවුවද 3 වන ස්ථානයට පත්වූ ක්රීඩිකාව මුල් වටයේදී 8 වන තැනට පත්වීම හේතුවෙන් තරගයේ ලෝකඩ පදක්කම ලාංකීය ක්රීඩිකාවට හිමිවුණා.
මෙය යොවුන් ඔලිම්පික් තරගාවලියකදී ලංකාව ලැබූ පළමු පදක්කමයි.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264