වන අලි ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය නිකුත් කළේ.
නීත්‍යානූකුල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.