එක් ආසාදිතයකු නිසා රටකටම දැඩි සීමා

නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමගම මුළු රටම ආවරණය වන පරිදි දැඩි සංචරණ සීමා පැනවීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පියවර ගෙන තිබෙනවා.

එම ආසාදිතයා අද (17) හමුවී ඇතිබව නවසීලන්ත මාධ්‍ය වාර්තා සදහන් කළා.

ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙනු ඇති.

හඳුනාගත් ආසාදිතයාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි යන අනුමානය මත තමා එවැනි තීරණයක් ගත් බව ජසින්ඩා ආර්ඩන් සදහන් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *