තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළා.

එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.