අතුරුදන්වූ සවුදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉස්තාන්බුල්හී සවුදි අරාබි තානාපති කාර්යාලය තුලදී ඝාතනය කර සිරුර කුඩා කොටස්වලට වෙන් කර ඇතැයි තුර්කි මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මෙම මාධ්‍ය වාර්තා පලව ඇත්තේ තුර්කි රජයේ බලධාරීන් පැය 9ක කාලයක් සවුදි තානාපති කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් පරීක්ෂණ කණ්ඩායම විසින් මෙතෙක් ඊට අදාළ නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
පසුගිය ඔක්තෝබර් දෙවනදා ජමාල් තුර්කියේ සවුදි අරාබි කාර්යාලයට පැමිණ තිබුණේ සිය තුර්කි ජාතික පෙම්වතිය විවාහ කර ගැනීම සදහා නිල අවසරයක් ලබා ගැනීමටයි.
ඉන් පසු ඔහු තානාපති කාර්යාලයෙන් පිටව ගිය බවට සවුදි අරාබිය ප්‍රකාශ කළද ඊට අදාළ කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.
මේ අතර තුර්කි බලධාරීන් තානාපති කාර්යාලය පරීක්ෂා කිරීමට පෙර සවුදි තානාපති කාර්යාලයට විශේෂ පිරිසිදු කිරීමේ කණ්ඩායමක් ගෙන්වා ඇති බවටයි සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.