කැබිනට් හමුවට අදාළව ඊයේ  පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදි සිදුවූ සිදුවිම් පිළිබඳව අද දිනයේදි මාධ්‍ය පළකර ඇති වාර්තා අසත්‍ය බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර මත ගැටුමක් ඇතිවූ බවටයි පුවත්පත් ඇතුලු මාධ්‍ය රැසක්ම වාර්තාකර තිබුණේ.

යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව ඉන්දීය රජය විසින් හෝ ඉන්දිය සමාගම්  විසින් මෙරට ක්‍රියාත්මක කිරිමට අදහස් කරන ව්‍යාපෘතිවලට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ කිසිවක් රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබුණ බව එම නිවේදනයේ දැක්වෙනවා.

එසේම බිම්ස්ටෙක් සමුළුවට සමගාමීවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති හමුවේදී නායකයන් දෙපළ සාකච්ඡා කළ කරුණු පිළිබඳව ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි නිවේදනයේ සදහන් වන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.