ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

කුමන්ත්‍රණ පිළිබඳව ඔහුට එරෙහිව නැඟෙනා චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දෙවැනි වරටත් මෙම කැදවීම සිදුකර ඇති අතර මීට පෙර අවස්ථාවේ ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැහැ.

තමාට ඇති පෞද්ගලික ගැටලු කිහිපයක් හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට නාලක ද සිල්වා මහතා සිය නීතිඥයකු මාර්ගයෙන් රහස් පොලිස් බලධාරීන්ට එම අවස්ථාවේ ලිඛිතව දන්වා තිබූ අතර ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් නාලක ද සිල්වා මහතාට අද  පෙරවරු 10.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බවයි අනාවරණ වන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.