

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව, ෆින්ලන්තය, වියට්නාමය සහ කටාර් යන රටවල පුරවැසියන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කර ඇති බව රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කළා.
ඊට අදාළ නියෝගයට රුසියානු රජයේ සභාපති මිහායිල් මිෂුස්ටින් විසින් අත්සන් තබා ඇති බවයි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
රුසියානු රජයේ පුවත්පත් නිවේදනයේ දැක්වෙන්නේ මෙම රටවල පුරවැසියන්ට සහ පදිංචිය සඳහා අවසර පත්රයක් ඇති අයට ගුවන් තොටුපල හරහා රුසියාවට ඇතුළුවීමට අවසර දෙන බවයි.
කොරෝනා අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට මෙම ගුවන් සීමාවන් පනවා තිබුණා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්රතිකාර ලබන
445