කටාර් හී ශ්‍රී ලංකා තානාපතිවරයාගේ හැසිරීම හේතුවෙන් එරට වාසය කරන ලාංකිකයින් හා ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ කටයුතු තවදුරටත් අර්බුධයකට පත්ව ඇති බව බව අනාවරන වනවා.
ලංකා ඒ නිවුස් වෙත තොරතුරු ලබාදෙමින් කටාර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් පිරිසක් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගෞරවය හා විශ්වාසයද මේ වන විට බිද වැටෙමින් පවතින බවයි.
තමන්ට ගරු සැලකිලි ලබා නොදෙන්නන් පන්නා දැමීමේ මෙහෙයුමක නිරත තානාපතිවරයා මේ වන විටත් ගුරුවරුන් පිරිසක්ම එම පාසලේ සේවයෙන් ඉවත් කර මෙරටට එවීමට සිය තානාපති බලතල අයුතු ලෙස භාවිතා කරන බවටද ඔවුන් චෝදනා නගනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හා ජනාධිපතිවරයා තවමත් මැදිහත් නොවීම හේතුවෙන් කටාර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයින් රැසක් හා ඔවුන්ගේ දරුවන් පීඩාවට පත්ව ඇති බවයි ඔවුන් අනාවරණ කළේ.
අවස්ථා රැසකදීම ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගුරුවරුන්ට අසභ්‍ය ලෙස බැණ වැදී ඇති තානාපතිවරයා එරට ලාංකිකයින් හමුවේ දැඩි අප්‍රසාදයටද පත්ව තිබෙනවා.මෑතකදී පැවැති ක්‍රීඩා තරගයක් අතරතුර තානාපතිවරයාට හූ හඩින් සංග්‍රහ කිරීමටයි ලාංකිකයින් පියවර ගෙන ඇත්තේ.
මෙරට තානාපති සේවයට නිසි සුදුසුකම් සහිත නාලධාරීන් සිටියදී දේශපාලකයින් නුසුදුස්සන්ට දොල පිදේනි ලෙස තානාපති ධූර ලබාදීමේ විපාක කටාර් හී ශ්‍රී ලාංකිකයින් විදිමින් සිටින බවද ඔවුන් පවසනවා.
2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටැෆර්ඩ් පාසලේ මේ වන විට දරුවන් 1000ක් අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමට නුසුදුස්සකුට ඉඩ ලබා නොදෙන ලෙසයි කටාර්යේ ශ්‍රී ලාංකිකයින් ඉල්ලා සිටින්නේ.

විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්ද පසුගියදා මේ පිළිබද ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබුණා.
එහෙත් ඒ පිළිබද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැහැ.
වගකිව යුතු මාධ්‍යයක්ලෙස අප එම ලාංකිකයින්ගේ ඉල්ලීම මෙසේ ඉදිරිපත් කරන අතර ඇස් කන් නොපෙනෙන මෙරට දේශපාලන බලධාරීන් ඊට කවර ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි අනාවැකි පල කළ හැකිවන්නේ නැහැ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.