ඉන්ධන මිල වැඩි කරන්න ඉල්ලීමක් කළේ නැහැ / ඇමති ගම්මන්පිල කියයි

Sri Lanka

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ඇමැති මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් නොකළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රුපියල් 10ක්ද පෙට්‍රල් ලීටරයකට රුපියල් 17ක්ද ලෙස සංස්ථාව පාඩු විඳින බව තමන් ඇමැති මණ්ඩලයට දැනුම් දුන් බවයි ඇමතිවරයා පවසන්නේ.

භාණ්ඩාගාරය තෙල් මිල පහත වැටී තිබුණු සමයේ ඛනිජ තෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වන බවද තමන් පෙන්වා දුන් බව ඇමැතිවරයා කියා සිටියා.

එහි දී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල මෙම අවස්ථාවේ දී ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය පනවා ඇති බදු අඩු කළ යුතු බව යැයිද තමන්ගේ අරමුණ වූයේද එය බවයි ඇමතිවරයා පවසන්නේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *