ඉන්ධන සදහා මුදල් අමාතාංශය ක්‍රියාත්මක කරන මිල සූත්‍රය අද අනාවරණ කෙරුණා.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිල සූත්‍රයේ තොරතුරු හෙළි කළේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව ඉන්ධන උපරිම සිල්ලර මිල නියම කිරීමට අදාළ කරුණු වන්නේ ඉන්ධන ගොඩබෑමේ අවස්ථාව වන විට එහි මිල , ඉන්ධන පිරිපහදු වියදම් , පරිපාලන වියදම් හා රජයේ බදු යන කරුණුයි.
මේ අනුව රජය ඪීසල් ලීටරයකින් මේ වන විට රුපියල් 25 යි ශත 48 ක බද්දක් අය කරන අතර පෙට්‍රල් ලීටරයකින් රුපියල් 53 යි ශත 68 ක බද්දක් අය කරනු ලබනවා.
ඒ අනුව සිංගප්පූරුවේ ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රය ක්‍රියාත්මක වන අතර ජනතාවට සෑම මසකම 10 වනදා සිදුවන ඉන්ධන සංශෝධනයට අදාළ ප්‍රමාණය තමන්ටම ගණනය කරගත හැකිවනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.