පළායන ඇෆ්ගනිස්ථාන වැසියන්ට රැකවරණය ලබාදීමට බ්‍රිතාන්‍ය සූදානම්

ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය සතු කරගැනීමත් සමඟ පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසනවා.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින්  20,000ක් පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. අසරණව සිටින ඇෆ්ඝන් වැසියන්ට උදව් කිරීමට අනෙක් රටවල් ද ඉදිරිපත් විය යුතු බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. පළමු වසරේ දි සරණාගතයින් 5000ක පිරිසකට අවස්ථාව හිමිවන අතර එහිදි කාන්තාවන්ට, ළමුන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රිතී පටෙල් පැවසුවේ. කැනඩාව ද ඇෆ්ඝන් සරණාගතයින් පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ තම රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *