දැරියක් ගැබ් ගත් බව කියා නෙරපූ විදුහල්පතිනියගේ වැඩ තහනම්

ගැබ් ගත්තැයි අසත්‍ය චෝදනා නඟමින් පාසලින් ඉවත් කළ මඩාටුගම දැරියට ජාතික පාසලක් ලබාදීමට අධයාපන අමාත්‍යවරයා තීරණය කර තිඛෙනවා. එසේම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමටද අමාත්‍යවරයා පියවර ගෙන තිඛෙනවා. මේ ඊට අදාළ නිවේදනයයි.

කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වූ අතර, සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

කෙසේවුවත් අදාළ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැතිනම්, දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish