දේශීය පුවත් ප්‍රධාන-පුවත්

ජනපති අස්වෙන්න කී අධ්‍යක්ෂ මණ්ඩල අස් නොවීමේ තීරණයක

බෙදා හරින්න :

ලංකා බැංකුව / මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කළද එම ආයතනවල ප්‍රධානීන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවනවා.
අදාළ වාර්තා හෙළිකරන්නේ එම ආයතනවල කටයුතු තවදුරටත් එම අධ්‍යක්ෂ මණ්ඩල විසින් පවත්වාගෙන යන බවයි.
ලංකා බැංකුව හා මහජන බැංකුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ පවතින අතර ආයෝජන මණ්ඩලය පවතින්නේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යටතේයි.
ඒ අනුව අදාළ අමාත්‍යවරුන් විසින් මෙම අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයින්ට ධූරවලින් ඉවත්වීමේ කිසිදු නියෝගයක් ලබාදී නොමති බවද වාර්තාවනවා.
මේ අතර රාජ්‍ය ව්‍යාපාර හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ඊයේ කියා සිටියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා යළි සාකච්ජා කිරීමෙන් පසු මෙම අද්‍යක්ෂ මණ්ඩලවල කාලය පිළිබද තීරණය කරනු ඇති බවයි.
එතෙක් ඔවුන් විසින් සිය ධූර තවදුරටත් දරනු ඇතැයිද ඔහු කියා සිටියා.
ජනාධිපතිවරයා විසින් මෙම අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට නියෝග කළද රාජ්‍ය බැංකු සදහා නිලධාරීන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය සතුවන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාට පමණයි.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts