වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සිය තානාපති කාර්යාලය තුලදී මිය ගිය බව සවුදි අරාබිය මුල්වරට පිළිගෙන තිබෙනවා.
සවුදි අරාබි රජයේ රූපවාහිනී සේවය නිවේදනය කළේ සවුදි රජය විසින් සිදුකළ විමර්ෂණයේදී මෙම තොරතුරු හෙළිවූ බවයි.
ඒ අනුව තුර්කියේ සවුදි තානාපති කාර්යාලය තුල ඇතිවූ ගැටුමකින් මෙම මාධ්‍යවේදියා මිය ගිය බව සවුදි අරාබිය පිළිගෙන ඇත්තේ මුල් වරටයි.
මේ දක්වාම සවුදි රජය විසින් මෙම මාධ්‍යවේදියා පිළිබද කිසිවක් නොදන්න බව තරයේ ප්‍රකාශ කළා.
එහෙත් පරීක්ෂණ වාර්තාව හෙළිකරන්නේ මෙම ඝාතනයට සවුදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ කිසිදු සබදතාවයක් නොමැති බවයි.
ජමාල් කශෝගි සල්මාන් කුමරු පිළිබද විවේචනය කිරීම මෙම ඝාතනයට හේතුව ලෙස සැලකෙන අතර ඊට සම්බන්ධ 4 දෙනකු ඔහුගේ සමීපතමයන් බවද හෙළිව තිබෙනවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසන්නේ මෙම මාධ්‍යවේදියාගේ ඝාතනය පිළිබද සවුදිය පිළිගැනීම කම්පනයක් ඇති කළ බවයි.
ඒ අනුව අපරාධයට වගකිව යුත්තන්ට දැඩි පියවර ගත යුතු බවයි අමෙරිකාව අවධාරණය කරන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.