පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජිගේ ගෝලයෙකු ජීව උණ්ඩ තොගයක් සමග සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ වෑන් රථයකින් එම උණ්ඩ තොගය ප්‍රවාහනය කරමින් සිටියදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ ගමන් මල්ලේ තිබී  ජීව උණ්ඩ 2990ක් සොයාගෙන ඇති අතර ටී 56  උණ්ඩ 2958ක් සහ  මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 32ක් එහි ඇතුලත් බවයි අනාවරණ වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලද්දු රොෂාන් නමැත්තෙකු වන අතර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ජයලත් සුද්දා යන අයගේ කොන්ත්‍රාත්තුවක් මත අදාළ සැකකරු මෙම ජීව උණ්ඩ තොගය ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිට ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

සැකකරු ගමන් කරමින් සිටි වෑන් රථයේ රියදුරු ඇතුළු තවත් පස් දෙනෙකු ද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.