ඔස්ටේ්‍රලියාවේදී ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද ලාංකීය සිසුවා එම චෝදනාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උස්මන් කවජාගේ සොහොයුරා පිළිබද සැකයක් මතුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
පර්ත් නව් පුවත් සේවය වාර්තා කළේ මේ අනුව උස්මන් කවාජාගේ නිවස අද දිනයේදී එරට පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළ බවයි.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් උස්මන් කවාජාගේ සොයුරා වන අර්සලන් කවාජාගෙන්ද එරට ආරක්ෂක අංශ ප්‍රකාශයක් ලබාගත් බව සදහන්.
ඒ අනුව නිසාම්ඩීන්ගේ අත් අකුරු අදාළ ලේඛන හා සැසදීමක් සිදු නොවන බැවින් ඒවා සකස් කරන ලද්දේ කවාජාගේ සොහොයුරාද යන්න පිළිබදවයි මෙම විමර්ෂණයේදී සොයා බලමින් පවතින්නේ.
ඒ අනුව මෙම ත්‍රස්ත චෝදනාවෙන් නිසාම්ඩීන් මුදා හරිනු ලැබුවද ඊට සම්බ්නධ සැබෑ පුද්ගලයින් සොයා අඛණ්ඩව විමර්ෂණ සිදුකරන බවයි ඔස්ටේ්‍රලියානු පොලිසිය අවධාරණය කරන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.