කිසිදු භේදයකින් තොරව රටපුරා ජනතාවට රාජ්‍ය සේවය ගලා යාම තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කැපව සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා යාපනය නල්ලූර් ප්‍රදේශයේ පැවැති නිල මෙහෙවර වැඩසටහනකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව මේ වන විට රට තුල සුබවාදී ප්‍රවේශයන් රැසක් ඇති කර නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබුණද එය සියලු වෑයම් කඩා කප්පල් කිරීමට දේශපාලන කණ්ඩායම් කිහිපයක් වෑයම් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
ඉදිරි අයවැයෙන් ජනතාවට හැකි උපරිම සහන ලබාදීමටත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම රජයේ සැලසුම බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
රටට හානිකර ආනයන සීමා කරමින් අපනයන මූලික කරගත් ආර්ථිකයක් වර්ධනය කිරීම ආණ්ඩුවේ අපේක්ෂාවයි.
ඒ වෙනුවෙන් මෙරට ව්‍යාපාරිකයින් හා ව්‍යවසායන් ශක්තිමත් කිරීම සදහා එන්ට්‍රපයිස් ශ්‍රී ලංකා හා තවත් වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
එයින් නිසි ඵල ලබා ගනිමින් රට හා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තරුණයින්ට අවස්ථාව උදාවී ඇති බවද මෙහිදී ජේ සී අලවතුවල මහතා සදහන් කර තිබෙනවා.
එම ණය වැඩසටහන් අවම කොන්දේසි මත ක්‍රියාත්මක වන අතර ණය ලබා නොදීමට උත්සාහ නොකොට ව්‍යවසායකයින් දිරි ගන්වන ලෙස ආණ්ඩුව අදාළ ආයතනවලටද නියෝග කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.