පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුළ සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරායේ රැඳවියන් ඇරැඹු උද්ඝෝෂණය තවදුරටත් ක්‍රියාත්මක වනවා.
ඒ දෙවන දිනටයි.
සියයකට ආසන්න රැදවියන් පිරිසක් ඊයේ මෙම විරෝධතාවයට එක්වූණා.
කෙසේ වෙතත් බන්ධනාගාර තුල රැදී සිටින්නන් සමාජ විරෝධී ක්‍රියා මත දඩුවම් ලබන්නන් මිස නිවාඩුවක් ගත කිරීමට බන්ධනාගාරයක් තුල පැමිණි පුද්ගලයින් ලෙස නොසැලකිය යුතු බවයි සමාජ මාධ්‍ය තුල අදහස් පලවන්නේ.
ඒ අනුව බන්ධනාගාර තුල ඔවුන් රැදී සිටිය යුතුවන්නේ එහි නියමයන්ට අනුව මිස බන්ධනාගාර පාලනය කිරීමේ අයිතියක් ඔවුන්ට හිමි නොවිය යුතු බවද අවධාරණය කළ යුතුව තිබෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.