රිෂාඩ් බදුයුදීන් වෛද්‍යවරයකුට තර්ජනය කළ බවට චෝදනා පිළිබද බන්ධනාගාරයෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර අධිකාරීවරයෙකු යොදවා පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි රෝගීන් පරීක්ෂා කරන බෙහෙත් ශාලාව තුළදී මෙම සිද්ධිය ඇති වූ බවට චෝදනා එල්ල කර තිබුණා.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ,

“බන්ධනාගාරයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජකාරියට බාධා කිරීම, අපහාසාත්මකව බැණවැදීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාටත් පොලිස්පතිතුමාටත් වෛද්‍ය අධ්‍යක්ෂකතුමාටත් පැමිණිලි කරලා තියෙනවා. අදාළ මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝගීන් සඳහා බෙහෙත් ලබාදෙන ස්ථානයට පැමිණ බන්ධනාගාර වෛද්‍යවරයා සමග යම් කතාවක් ඇතිකරගෙන එහිදී බන්ධනාගාර වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස බැණවැදිලා මරණ තර්ජන එල්ලකරලා තියෙනවා. මේ සම්බන්ධව පොලීසිය මගින් ද පරීක්ෂණයක් කරනවා.” 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *