කොළඹ හයට් හෝටල් සංකීර්ණය අයෝජකයෙකුට පැවරීමේ ගනුදෙනුව සැක සහිත බවට තමන් කළින් කළ ප්‍රකාශය මේ වන විට තහවුරුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ, කොළඹ හයට් සහ හිල්ටන් හෝටල් සංවර්ධන ව්‍යාපෘති සඳහා අයෝජකයින්ගේ කැමැත්ත විමසීමේ පුවත් පත් නිවේදනය පසුගිය 18 වැනි දා ප්‍රසිද්ධ කර තිබූ අතර ඒ සඳහා කල් ලබාදී තිබුණේ මේ මස 31 වැනි දා තෙක් පමණක් බවයි.

කෙටි කාලයක් තුළ විශාල සමාගම්වලට මෙම අයෝජනය සම්බන්ධයෙන් කළමනාකරණ තීරණවලට එළඹ කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් මෙම ගනුදෙනුව කල්තියා සැලසුම්කර ක්‍රියාත්මක කරන්නක් බව මෙම ක්‍රියාවලිය හරහා පෙනී යන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

වහාම මෙම පුවත්පත් දැන්වීම සම්බන්ධ ඉදිරි කටයුතු අත්හිටුවා අඩුම වශයෙන් ආයෝජකයෙකුට මෙම හෝටල්වල අයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට අඩුම වශයෙන් මාස 03 ක කාලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා අග්‍රමාත්‍යවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් සිය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.