කොරෝනාවෙන් පසු චීනය ලෝක බලවතා වෙයිද?

Sri Lanka

චීනයට අවශ්‍ය වී ඇත්තේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ලෝකය යලි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සදහා නායකත්වය දීමට මෙන්ම ඒ හරහා ලෝකයේ බලපෑම්කාරක බලවතා බවට පත්වීම බව ඉයූලර් හර්මීස් ආයතනයේ ආසියා- පැසිෆික් කලාපීය ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥ ෆැන්සිස් හුවාන් පවසනවා.
සී එන් එන් බිස්නස් වෙත ලිපියක් සපයමින් ඔහු පවසන්නේ කොරෝනා වසංගතයෙන් ලෝකයේ රටවල් සියල්ලම පාහේ ආර්ථික වශයෙන් බිද වැටුණද චීන ආර්ථිකය එය නොතකා වර්ධනයවීමෙන් පෙන්නුම් කරන්නේ මෙම දශකය අවසානය වන විට අමෙරිකාව පසුකර වර්ධනයවීමට චීනයට හැකියාව පවතින බවයි.
එම තත්ත්වය තුල පළමු වරට විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී චීනය එක්සත් ජනපදය අභිබවා යාමට සමත්ව තිබුණා.
2020 අවසානයේදී චීනය යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුමක් අත්සන් කළේ තම රටේ වර්ධනය ඉහළ නැංවීමේ සහ යුරෝපීය සමාගම්වලට තම රටේ බිලියන 1.4 ක පාරිභෝගිකයින් වෙත ළගාවීමට අවස්ථාව සලසමිනුයි.
පසුගිය සමයේ තමන්ට ප්‍රබලතම තර්ජනය වූ අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටනින් ඉවත් කිරීම ද චීනය මෙම ඉදිරි ගමනක යාමට හේතුවක් බව මෙම වාර්තාව පවසනවා.
ඒ අනුව ඉදිරි කාලය තුල ප්‍රමුඛයාවීමේ මෙහෙයුම අරඹා ඇති බව චීන ජනපතිවරයා මේ වන විටත් ඉඟි කර තිබුණා.
සුබදායී තත්ත්වයන් පැවතිය ද චීනයේ මානව හිමිකම් කඩවීම්, තායිවානය, හොංකොං වැනි අර්බුධ චීනය ලබාගත් ජාත්‍යන්තර ආකර්ෂණයට බලපානු ඇති බවයි ආර්ථික විශේෂඥයා පවසන්නේ.

එම තත්ත්වයන් යුරෝපා කලාපය වැනි දැවැන්ත බලපෑම්කාරක ආර්ථිකයන්ගේ ප්‍රතික්ෂේපවීමට හේතුවක් විය හැකි බවද මෙහි සදහන්.
එය චීනය ආපසු හැරවීමක් දක්වා ප්‍රබල විය හැකි වුවද එරට ආර්ථික ශක්තිය මේ වන විට සුළුවෙන් තැකිය නොහැකි බවද මෙයින් පෙන්වා දී තිබෙනවා.- CNN -Business


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *