භික්ෂූන් වහනසේ වස් පවාරණය කිරීම ඇරඹෙන වප් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

තවුතිසා දිව්‍ය ලෝකයේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්ස පුරයට වැඩම කළේ අද වැනි වප් පුන් පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්.

පෙර වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහෝ දින වස් පවාරණය කරන අතර පසු වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝ දින වස් පවාරණය කරනු ලබනවා.

කඨින චීවර පූජාව ආරම්භ වන පොහෝ දිනය ලෙස ද වප් පොහෝ දිනයයි.

ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම, ථූපාරාමයේ විනය සංගායනාව ආරම්භ කොට පවත්වාගෙන යාම වැනි ශ්‍රී ලාංකිකයින්ට ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ද වප් පුන් පොහෝ දින සිදු වී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.