කෝලි වාර්තා අලුත් කරමින් 10,000 පසු කරයි

එක්දින පිටියේ අඩුම තරග ප්‍රමාණයකින් ලකුණු 10,000 සීමාව පසු කළ පිතිකරුවා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අද පත්වුණා.
ඒ කොදෙව් පිලට එරෙහිව අද පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී නොදැවී ලකුණු 157ක් රැස් කරමිනුයි.
එය කෝලිගේ 37 වන එක්දින ශතකය වන අතර එය ඔහු රැස් කළ 60 වන අන්තර්ජාතික ක්‍රිකට් ශතකයද වනවා.
මේ දක්වා වේගවත්ම එක්දින ලකුණු 10,000 හිමිකරගෙන තිබුණේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්.
ඔහු ඒ වෙනුවෙන් එක්දින ඉනිම් 259ක් වැය කර තිබුණද කෝලි ඒ සදහා වැය කර ඇත්තේ එක්දින ඉනිම් 205 ක් පමණයි.
මේ එහි මුල් තැන පසුවන ක්‍රීඩකයින්ගේ ලයිස්තුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.